AFC Banner
Empty Ad
Empty Ad

ජල ගාස්තු වැඩි වීම නිසා ආහාර පාන මිලත් ඉහළට

ජල ගාස්තු සියයට 50ක පමණ ප්‍රමාණයකින් ඉහළ දැමීම හේතුවෙන් ආහාර පාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩි වන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ ආපන ශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ද ලබා නොදීමට සිදුවන බවයි ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ආහාර පාන වර්ගවල මිල අසීමිත ලෙසට ඉහළ දැමීමට යෝජනා නොකරන අතර මෙම තත්වය පිළිබඳ පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අසේල සම්පත් ප්‍රකාශ කළා.

ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයන් සතියකට දින 5ක් ස්නානය කළේ නම් ඉදිරියේදී නෑමට සිදුවන්නේ දින දෙකක් පමණක් වන අතර එමගින් සේවකයන්ගේ පිරිසිදු භාවය පිළිබඳව ද ගැටලුවක් මතුවන බව ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

මෙය බරපතල තත්ත්වයක් වන අතර මීට පිළියමක් වශයෙන් ජල සම්පාදන මණ්ඩලය මගින් බීමට පමණක් ගන්නා පිරිසිදු ජලය සහ අනෙකුත් කටයුතු සඳහා යොදා ගැනීමට පිරිසිදු නොකරන ජලය එවීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පමණක් යම් සහනයක් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?