ජල ගාස්තු වැඩි වීම නිසා ආහාර පාන මිලත් ඉහළට

ජල ගාස්තු සියයට 50ක පමණ ප්‍රමාණයකින් ඉහළ දැමීම හේතුවෙන් ආහාර පාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩි වන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ ආපන ශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ද ලබා නොදීමට සිදුවන බවයි ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ආහාර පාන වර්ගවල මිල අසීමිත ලෙසට ඉහළ දැමීමට යෝජනා නොකරන අතර මෙම තත්වය පිළිබඳ පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අසේල සම්පත් ප්‍රකාශ කළා.

ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයන් සතියකට දින 5ක් ස්නානය කළේ නම් ඉදිරියේදී නෑමට සිදුවන්නේ දින දෙකක් පමණක් වන අතර එමගින් සේවකයන්ගේ පිරිසිදු භාවය පිළිබඳව ද ගැටලුවක් මතුවන බව ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

මෙය බරපතල තත්ත්වයක් වන අතර මීට පිළියමක් වශයෙන් ජල සම්පාදන මණ්ඩලය මගින් බීමට පමණක් ගන්නා පිරිසිදු ජලය සහ අනෙකුත් කටයුතු සඳහා යොදා ගැනීමට පිරිසිදු නොකරන ජලය එවීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පමණක් යම් සහනයක් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56