Empty Ad
Empty Ad
 Empty Ad

වතු කම්කරුවන් වෙනුවෙන් තලෙයිමන්නාරම සිට මාතලේ දක්වා පාගමනක්

ශ්‍රී ලංකාවේ තේ වතුවල සේවයට බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දකුණු ඉන්දියාවේ සිට පළමු කම්කරුවන් කණ්ඩායම් රැගෙන පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම වෙනුවෙන් පාගමනක් තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් ආරම්භ වී තිබෙනවා.

වසර 200කට පෙර පැමිණි පළමු කම්කරු කණ්ඩායම සිහි කරමින් හා ඔවුන් ගමන් කළ මාර්ගය සිහිපත් කරමිනුයි තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ.

දකුණු ඉන්දියාවේ සිට මෙරට ගෙනා පළමු කම්කරු කණ්ඩායම ඉන්දියාවේ තලෙයිමන්නාරම වෙත බෝට්ටු මඟින් රැගෙනවිත් එතැන් සිට පාගමනින් මාතලේ දක්වා රැගෙන ආ බවයි කඳුකර ජනතාව සඳහන් කරන්නේ.

එම පළමු කම්කරු කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ මාතලේ දක්වා පැමිණ ඇති අතර එම ගමන් මගේදී විශාල පිරිසක් විවිධ අනතුරු සහ රෝගාබාධවලට මුහුණ දී මිය ගිය බව ද පැවසෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි දිනයේ සිට සිය පැවැත්ම සඳහා අඛණ්ඩ අරගලයක නිතර කඳුකර දමිළ ජනතාව සමාන පුරවැසියන් ලෙසට පිළිගන්නා ලෙසට ඉල්ලමින් පාගමන සංවිධාන කර ඇති අතර, ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගැනීමට’ යන තේමාව යටතේයි පාගමන පැවැත්වෙන්නේ.

දින 12ක් පුරා සිදු කෙරෙන පා ගමන ඊයේ තලෙයිමන්නාරම ශාන්ත ලෝරන්ස් දේවස්ථානය අසළින් ආරම්භ වූ අතර එය මාතලේ දක්වා ගමන් කිරීමට නියමිතයි.

පාගමන ආරම්භ කිරීමට සමගාමීව තලෙයිමන්නාරම ප්‍රදේශයට පැමිණි පළමු කම්කරු කණ්ඩායම සිහි කරමින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ ස්මාරකයක් සකස් කර ඊට මල් පහන් පුජා කිරීම ද සිදු කරනු ලැබුවා.

කම්කරු ජනතාව වෙත සමාන අයිතිවාසිකම් ඉල්ලීම, කම්කරු ප්‍රජාව සංවර්ධනය කිරීම, කම්කරු ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම වැනි කරුණු ගණනාවක් ද පාගමනේ නිරත ජනතාව ඉල්ලා සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම පාගමන වෙනුවෙන් කඳුකර ජනතාව, එම ජනතාව නියෝජනය කරන සිවිල් සංවිධාන සහ තවත් සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ අලුත් මන්ත්‍රීනි පරණ මන්ත්‍රීවරුන්ට රතු එළි දල්වයි
03:48
Video thumbnail
රටම දුක් වෙද්දී මහින්දානන්ද රට අත හැරලා අද රෑ පිටවෙයි?
02:56
Video thumbnail
jcb රථයක් - බස් රථයක් - මුහුණට මුහුණ ගැටෙයි
01:20
Video thumbnail
මහින්දානන්දගේ මජර දේශපාලනය ඉවර කරපු කාන්තාව කියන කතාව
01:46
Video thumbnail
ලක් අම්මා තැපැල් පෙට්ටියේවත් - හොයා ගන්න නෑ - මොකද වුණේ?
05:43
Video thumbnail
ඔව් අපි නවකයෝ තමයි - සැරටම කියලා දීපු මන්ත්‍රී සහෝදරයා
08:12
Video thumbnail
සජබයෙන් දිනපු අජිත් පක්ෂය - රටේම කුජීත වීමට හේතුව කියයි
08:04
Video thumbnail
සජිත් - රනිල් එකතු වෙන්න හදයි ? අනුරට ඇප නැතිවෙන්න යන හෙළිදරව්ව මෙන්න
19:24
Video thumbnail
මහ වර්ශාව මැද රෝහිතව උස්සගෙන ජය සැමරූ ජනතාව - ලඟට ආපු සුරූපී නංගි රත්තරංව බදා ගනී
01:15
Video thumbnail
මාලිමා ජයග්‍රහණයෙන් පසු අනුරව වට කරගන්න මිනිස්සු #npp #akd #anurakumaradissanayake
02:20

?