AFC Banner
Empty Ad
Empty Ad

මිතුරෙකුගේ නිවසට ඇවිත් වැවේ නාන්න ගිය තරුණයෙක් මරුට

තඹුත්තේගම නල්ලච්චිය වැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සවස දිය නෑමට ගිය පිරිසක් අතර සිටි අයෙකු මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලුණු මෙම තරුණයා බරපතල තත්ත්වයෙන් තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිට්ටඹුව රන්පොකුණුගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්.

ඔහු සිය මිතුරෙකුගේ නිවසකට පැමිණ වැවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇති අතර තඹුත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?