මිතුරෙකුගේ නිවසට ඇවිත් වැවේ නාන්න ගිය තරුණයෙක් මරුට

තඹුත්තේගම නල්ලච්චිය වැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සවස දිය නෑමට ගිය පිරිසක් අතර සිටි අයෙකු මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලුණු මෙම තරුණයා බරපතල තත්ත්වයෙන් තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිට්ටඹුව රන්පොකුණුගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්.

ඔහු සිය මිතුරෙකුගේ නිවසකට පැමිණ වැවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇති අතර තඹුත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18