තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9ක් මරුට

දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවූ පිපිරීමකින් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

මැලේසියා දේශසීමාවේ සුංගායි කොලොක්හි සිදුවූ පිපිරීමෙන් තවත් පුද්ගලයන් 115 දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විශාල පිපිරීම සමග අවට ගොඩනැගිලි සෙලවී, ජනේල කැඩී බිඳී ගිය අතර නිවෙස්වල වහලවල් කඩා වැටී ඇතැයි සඳහන්.

පිපිරීමෙන් නාරාතිවත් පළාතේ නගරයේ විශාල කොටසක් ද විනාශ වී තිබෙනවා.

ගින්න පාලනය කර ඇති අතර මූලික පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත්තේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අතරතුර වානේ වෑල්ඩින් කිරීමේදී ගින්න හටගෙන ඇති බවයි.

ගිනිකොනදිග ආසියාවේ ගිනිකෙළි සම්බන්ධ අනතුරු මීට පෙර ද වාර්තා වී තිබෙනවා.

මීට වසර හයකට පමණ පෙර ඉන්දුනීසියාවේ කම්හලක සිදුවූ පිපිරීමකින් 49 දෙනෙකු මිය ගියා. එමෙන්ම මීට වසර 5කට පමණ පෙර උතුරු තායිලන්තයේ සිදු වූ ගිනිකෙළි පිපිරීමකින් එක් කාන්තාවක් මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.

ආරක්ෂාව තහවුරු කරන ලෙසට මහජන බලපෑම් එල්ලවී තිබියදීත්, තායිලන්තයේ මාර්ගවල, ඉදිකිරීම් ස්ථානවල සහ සේවා ස්ථානවල අනතුරු රැසක් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53