තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9ක් මරුට

දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවූ පිපිරීමකින් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

මැලේසියා දේශසීමාවේ සුංගායි කොලොක්හි සිදුවූ පිපිරීමෙන් තවත් පුද්ගලයන් 115 දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විශාල පිපිරීම සමග අවට ගොඩනැගිලි සෙලවී, ජනේල කැඩී බිඳී ගිය අතර නිවෙස්වල වහලවල් කඩා වැටී ඇතැයි සඳහන්.

පිපිරීමෙන් නාරාතිවත් පළාතේ නගරයේ විශාල කොටසක් ද විනාශ වී තිබෙනවා.

ගින්න පාලනය කර ඇති අතර මූලික පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත්තේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අතරතුර වානේ වෑල්ඩින් කිරීමේදී ගින්න හටගෙන ඇති බවයි.

ගිනිකොනදිග ආසියාවේ ගිනිකෙළි සම්බන්ධ අනතුරු මීට පෙර ද වාර්තා වී තිබෙනවා.

මීට වසර හයකට පමණ පෙර ඉන්දුනීසියාවේ කම්හලක සිදුවූ පිපිරීමකින් 49 දෙනෙකු මිය ගියා. එමෙන්ම මීට වසර 5කට පමණ පෙර උතුරු තායිලන්තයේ සිදු වූ ගිනිකෙළි පිපිරීමකින් එක් කාන්තාවක් මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.

ආරක්ෂාව තහවුරු කරන ලෙසට මහජන බලපෑම් එල්ලවී තිබියදීත්, තායිලන්තයේ මාර්ගවල, ඉදිකිරීම් ස්ථානවල සහ සේවා ස්ථානවල අනතුරු රැසක් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25