කෝට්ටේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියට සහ දෙමාපියන් පිරිසකට සිය රහසඟ පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කෝට්ටේ මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු සභා මන්ත්‍රී සහ තවත් අයෙකු වට්ස්ඇප් ගෲප් එකක් ඔස්සේ විදුහල්පතිවරියට අපහාසාත්මක වන ආකාරයේ පණිවුඩ හුවමාරු කරන බවට චෝදනා කරමින් දෙමාපියන් සහ විදුහල්පතිවරිය වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බව සඳහන්.
සිද්ධියට අදාළව දෙපාර්ශවයම පසුගිය ඉරිදා පොලිසියට කැඳවා තිබූ අතර, එම අවස්ථාවේදී කෝට්ටේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී සහ අනෙක් සැකකරු ද පැමිණ තිබෙනවා.
පැමිණිල්ල විභාගයෙන් අනතුරුව විදුහල්පතිවරිය සහ දෙමාපියන් එම ස්ථානයෙන් පිටව යමින් සිටියදී පොලිස් ස්ථානයේ ආපනශාලාව අසලදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා රහසඟ පෙන්වූ බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
සිද්ධියට අදාළව හිටපු මන්ත්‍රීවරයා සිය නීතීඥවරයා මාර්ගයෙන් වැලිකඩ පොලිසියට භාරවීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ අතර මෙවැනි හැසිරීම් හෙළා දකිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් ද තබා තිබුණා.














MU THADIYA WAGEYI HITIYATA HUNU BIJJAK WITHARA ATHI, PENNEMA NAHE. KOHOMA DAKKA DHA MANDHA, BALANA EWUNUTH OKA EBI EBI KANNADI BALA BALANNA ATHI. MONAWA UNATH MUGR NUGATH KAMA MUMA PENWALA THIYENNE. MUN WAGEYI MODA YAKKUNTA AYE CHANDAYA DENNAMA EPA.