අපචාර චෝදනාවකට වරද පිළිගත් හිමි නමකට අධිකරණයෙන් නියෝගයක්

බාලවයස්කාර දරුවකුට බරපතල ලිංගික අපචාරයක් සිදු කිරීම සහ බාලවයස්කාර සාමනේර හිමි නමකට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාවට අදාළව වෙන් වෙන් වශයෙන් පවරා තිබූ නඩු දෙකකට වරද පිළිගත් හිමි නමකට කොළඹ මහාධිකරණය විසින් අද අත්හිටවූ සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 6ක වන්දියක් මෙන්ම දඩ මුදල් ගෙවන ලෙස නියෝග කළා.

බාල වයස්කාර දරුවෙකුට බරපතල ලිංගික අපචාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ හිමිනමට එරෙහිව ගොනුකර තිබූ එක් නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ විත්තිකරු තමන්ට එල්ල වී තිබෙන චෝදනා තුනටම වරද පිළිගන්නා බවයි.

ඒ අනුව අදාළ චෝදනා තුනටම විත්තිකරු වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට මාස 18ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළා.

ඊට අමතරව රුපියල් ලක්ෂ පහක වන්දියක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල අගතියට පත් පාර්ශවයට ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා.

එමෙන්ම විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් 3000ක දඩයක් ද නියම කරනු ලැබුවා.

ඉන් අනතුරුව 2016 වසරේ සිය විහාරස්ථානයේ වැඩ වාසය කළ සාමනේර හිමි නමකට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව විත්තිකාර හිමිනමට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම චෝදනාවලට ද විත්තිකාර හිමි නම වරද පිළිගත් අතර ඒ අනුව වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එම දඬුවම වසර පහකට අත්හිටුවන ලෙස විනිසුරුවරයා විසින් නියෝග කළා.

ඊට අමතරව පහර කෑමට ලක්වූ බාල වයස්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටයි විත්තිකරුට නියෝග කෙරුණේ.

මීට අමතරව රුපියල් දෙදහසක දඩයක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විසින් හිමි නමකට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17


?