රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් නිකුත් කර ඇති තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව ක්‍රිඩා අමාත්‍යවරයා විසින් පත්කළ රග්බි අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (25) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ගොනුකර තිබූ මෝසමක් අද (25) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙම දැනුම්දීම සිදු කළා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් විසින් මෙම මෝසම සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබුණා.

එම මෝසම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙම කරුණ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන හෙයින් ඊට අදාළව අභියාචනාධිකරණයට නියෝග නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන ද සඳහන් කළේ මෙම මෝසම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවයි.

ඒ, අනුව අදාළ මෝසම යළි අගෝස්තු මස 03 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකතුමා කාමර ඇතුලේ කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22