Empty Ad
AFC Banner
Empty Ad

රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් නිකුත් කර ඇති තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව ක්‍රිඩා අමාත්‍යවරයා විසින් පත්කළ රග්බි අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (25) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ගොනුකර තිබූ මෝසමක් අද (25) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙම දැනුම්දීම සිදු කළා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් විසින් මෙම මෝසම සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබුණා.

එම මෝසම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙම කරුණ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන හෙයින් ඊට අදාළව අභියාචනාධිකරණයට නියෝග නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන ද සඳහන් කළේ මෙම මෝසම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවයි.

ඒ, අනුව අදාළ මෝසම යළි අගෝස්තු මස 03 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03

?