අධිවේගයේ අනතුරක් (ඡායාරූප)

ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගත් ලොරි රථයක් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 5.9 අතුරුගිරිය ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් රියදුරු සහ එහි සහායකයෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලොරි රථය කඩවත පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිස ගැලණිගම දක්වා ගමන් කරමින් තිබිය දී, වම්පස ටයරයක හුළං යාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරත් සමඟ ලොරි රථයේ පටවා තිබූ ලිහිසි තෙල් සහිත බැරල් සහ ප්ලාස්ටික් බූලි අධිවේගී මාර්ගයේ තැන තැන විසිරී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් ලොරියට සහ අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටට අලාභානි සිදුව ඇති අතර, මාර්ගයේ අනතුර සිදු වූ ස්ථානයේ වාහන ධාවනයට තරමක් බාධා එල්ල වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?