සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් – ශෙහාන් සේමසිංහ

වර්තමානයේ සිදු කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණය අනාගත කිසිඳු රජයක් විසින් ආපසු හැරවීමට කටයුතු නොකරනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රටක මූල්‍ය විනය සහ විනිවිදභාවය පවත්වාගෙන යාම සඳහා රජය සිදුකරන වේගවත් සහ දුෂ්කර ප්‍රතිසංස්කරණ අනාගත තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොළඹ රබර් වෙළෙඳුන්ගේ සම්මේලනයේ 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විනිවිදභාවය ඇති කිරීම වෙනුවෙන් දූෂණ මර්දන පනත, මහ බැංකුව තව දුරටත් ස්වාධීන කිරීම වෙනුවෙන් මහ බැංකුව පනත සහ තැන්පතුකරුවන් සහ ඔවුන්ගේ තැන්පතු සුරක්ෂිත කිරීමේ වෙනුවෙන් බැංකු විශේෂ විධිවිධාන පනත වැනි අණපනත් රෙගුලාසි ක්‍රියාත්මක කරමින් ආර්ථිකය වඩාත් විශ්වසනීය දිශානතියකට ගමන් කරවමින් ඇතැයි පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ 2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5% – 2.5% අතර ආර්ථික වර්ධනයකට ළගා වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දෙසැම්බරයේ ළඟා වනු ඇතැයි අපේක්ෂා කළ තනි ඉලක්කමේ උද්ධමන වේගයට ජුලි මස අග දී ළගා වීමට මෙරට ආර්ථිකයට හැකි වනු ඇති බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් බවට පත් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32