වසර තුනකදී රිය අනතුරුවලින් 7172ක් මරුට

පසුගිය වසර තුන තුළ මෝටර් රථ අනතුරු හේතුවෙන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පුද්ගලයන් 2,400 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව 2020, 2021 සහ 2022 වසරවල පුද්ගලයන් 7,172ක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම වසර තුනක කාලය තුළ මාරක රිය අනතුරු 67,687ක් වාර්තා වී තිබෙනවා.

පොලිසියේ වාර්තාවට අනුව, 2020 වසරේ COVID-19 අර්බුද සමය තුළ පුද්ගලයන් 2,144ක් රිය අනතුරු හේතුවෙන් මිය ගොස් ඇතැයි සඳහන්.

මෙයට අමතරව 2020 වර්ෂයේදී රිය අනතුරුවලින් 2144 දෙනෙක් මියගොස් තිබෙනවා.

2020 වසරේදී දිවයින පුරා මාරක රිය අනතුරු 2040ක් ද 2021 වසරේ මාරක රියඅනතුරු 2414 ක් ද 2022 වසරේ මාරක රිය අනතුරු 2395 ක්ද සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

2021 වසරේ රිය අනතුරු මරණ සංඛ්‍යාව 2,513 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය 2022 වසරේ පුද්ගලයින් 2,515 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ පසුගිය 2022 වසරේදී යි.

පොලීසිය පැවසුවේ, රිය අනතුරු සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණද, මරණ සංඛ්‍යාව භයානක මට්ටමකට ඉහළ ගොස් ඇති බව යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14