ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තෙවන වසරවල ඉගෙනුම ලබන සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවීමට පියවරගත් බව උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා.

ඒ පසුගිය ඉකුත් 18 වනදා මෙම විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවන වසරවල සිසුන් අතර ඇතිවූ මතබේදාත්මක තත්වයක් හේතුවෙන්.

දින තුනක් පැවැති මෙම සිදුවීමට සම්බන්ධ වූ බවට සාක්ෂි සහිතව හඳුනාගත් මෙම සිසුන් 14 දෙනාගේ ශිෂ්‍යභාවය දැනට ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට මෙහිදී තීරණය කළ බව ද මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේක මහතා සඳහන් කළා.

එම මතබේදාත්මක තත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

ඔවුන්ගේ එම වාර්තාව කඩිනමින් ලබාදීමට උපදෙස් දුන් අතර අදාළ වාර්තාව ලැබිමෙන් පසු මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි උප කුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48