AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ඉන්දියාවට ළඟා වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 5ට පමණ එරටට ළඟාවී තිබෙනවා.

ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් විසින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද පස්වරුවේ 1.45ට පමණ ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී මෙම සංචාරය සිදුවන බවයි.

සිය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම හෙට පෙරවරුවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත අතර අනතුරුව අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම සංචාරය දෙරට අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ තහවුරු කරනු ඇතැයි විදේශ අමාත්‍යංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?