ඉතිහාසයේ පළමු වරට ජනපති ලේකම් ධුරයේ වැඩ බැලීමට කාන්තාවක්

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා.

ඒ අනුව අද (20) සිට බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්වරයා නැවත දිවයිනට පැමිණෙන තුරු එය ක්‍රියාත්මකයි.

ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරනු ලබනවා.

1994 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට එක් වූ විජේවර්ධන මහත්මිය වසර 22ක් මහා භාණ්ඩාගාරයේ විවිධ තනතුරු හොඹවා ඇති අතර අවසානයේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළා.

එසේම අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ චාන්දනී විජේවර්ධන මහත්මිය 2015 වසරේ සිට 2019 වසර දක්වා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කරනු ලැබ තිබෙනවා.

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන එතුමිය රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර නෙදර්ලන්තයේ හෙග් විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28