ආසාත්මිකතාවයකින් සිදුවු තවත් මරණයක් කෑගල්ල රෝහලේ වාර්තා වෙයි

පසුගිය දිනවල රෝහල්වලින් ඖෂධ ලබා ගැනීම හේතුවෙන් විවිධ ප්‍ර දේශවලින් මියයැම් වාර්තා විය. තවත් මරණයක් කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා

ජිවිතක්ෂයට පත්වී ඇත්තේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහලට ඇතුළත් කර තිබේ.ඉන් අනතුරුව ඔහුට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළෙ.

දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය මොහුට ද ලබා දී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

මෙම පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක තිබු බව ද වාර්තාවනවා