වවුනියාව පැරණි බස් නැවතුම්පොළ අසළ වෙළඳසැළක් ඊයේ (19) රාත්රියේ ගිනිගෙන විනාශ වි ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
වවුනියාව පොලිසිය පැවසූවේ පැරණි බස් නැවතුම්පොළ අසළ හෝටලක් එලෙස ගිනිගෙන විනාශ වි ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, වවුනියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමිණ.
ගින්න නිවා දැමුවද,ගින්නෙන් හෝටලයේ පැවති භාණ්ඩ සියල්ල විනාශ වි ඇති අතර, ගින්න හේතුවෙන් අදාළ වෙළඳසැළට යාබද වෙළඳසැල් කිහිපයකට හානි සිදුව තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.













