පාකිස්තානයට ටෙස්ට් තරගයේ ජය සඳහා තවත් ලකුණු 83ක් පිටුපසින්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ දී ,

තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 82ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු 312කට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 461ක් ලබා ගත්තා.

ඒ අනුව පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හිමි වුණා.

පාකිස්තානය දෙවන ඉණිම සදහා අද 4වන දිනය නිමාවන විට ලකුණු 48ක් ලබා ගත්තේ කඩුලු 3ක් දැවී ඒ අනුව ඔවුන්ට කඩුලු 7ක් අතැතිව ජයග්‍රහණය සදහා තවත් ලකුණු 83ක් ලබාගත යුතුයි. හෙට තරගයේ අවසාන දිනයයි