පොලිසියෙන් බේරෙන්න දරුවා ප්‍රාණ ඇපයට ගත් නරුම පියා අත්අඩංගුවට

පොලිසියෙන් බේරිම සදහා තම තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගෙන කැපුම් තුවාල සිදු කළ සැකකරුවකු මදුරන්කුලිය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ජීන්නා වත්තේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සැකකරු ඔහුගේ අනියම් බිරිඳට පහර දෙමින් සිටින බවට මදුරන්කුලිය පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ප්‍රදේශයට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් සැකකරු අත් අඩංගුවට ගෙන රැගෙන ඒමට කටයුතු කිරීම කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුණා.

සැකකරුගේ ඥාතින් විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරු පළා යාමට අවස්ථාව ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම ස්ථානයෙ ඇතිවූ උණුසුම් තත්වය මත පොලිස් නිලධාරින් දෙදෙනා එම ස්ථානයෙන් පිටව පොලිස් ස්ථානයට ගොස් තිබුණා.

පසුව පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුගේ පියා සහ තවත් ඥාතින් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නැවත සැකකරු අත් අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට මදුරන්කුලිය පොලිස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පැමිණෙනු දුටු සැකකරු ඔහුගේ තුන් හැවිරිදි දරුවාව ප්‍රාණ ඇපයට ගෙන තිබුණේ පොලිසිය අත් අඩංගුවට ගත් තම පියා ඇතුළු ඥාතින් තිදෙනා නිදහස් කරන ලෙසත් එසේ නොකළ හොත් දරුවා මරා දමන බවටත් පොලිසියට තර්ජනය කරමින්.

සැකකරු අත රඳවා ගෙන තිබූ පිහියක් ගෙන දරුවාගේ පිට ප්‍රදේශයට තුවාල සිදු කරමින් ගෙලට පිහිය තබා දරුවා මරා දමන බවට නැවත පොලිසියට තර්ජනය කර තිබෙනවා.

ඒ සමගම පොලිසිය දරුවාගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ අත රඳවාගෙන තිබු ආයුධ සියල්ල ඉවතට තබා නිරායුධ වීමට කටයුතු කර තිබූ බව සඳහන්.

කෙසේවෙතත් සැකකරු ඔහු අත තිබු ආයුධය වනමින් කිසිවකුට ලං නොවිමට නොහැකි වන ලෙස කටයුතු කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

ඒ සමගම කඩිනමින් ක්‍රියාත්මක වු සැකකරුගේ ඥාතියකු එකවර සැකකරු වෙත කඩා පැන ඔහු පෙරළා ගැනිමත් සමග පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වි සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වන විටත් කැපුම් තුවාල ලබා තිබු තුන් හැවිරිදි දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යැවීමටයි පියවර ගැනුණේ.

අත් අඩංගුවට ගත් එම සැකකරු සහ පොලිස් රාජකාරියට බාධා කළ ඥාතින් අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
7
+1
9
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23