ශ්‍රී ලංකාවට ආ රුසියානු සංචාරකයන් වෙනුවෙන් උත්සවයක්

රුසියාවේ මොස්කව් නුවර සිට ඍජු ගුවන් ගමන් මගින් අද (17) දින වනවිට රුසියානු සංචාරකයන් ලක්ෂයක් පැමිණීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළේදී අද උදෑසන පැවැත්වුණා.

පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස 02 වනදා සිට අද (2023 ජූලි 17) දක්වායි මෙලෙස රුසියානු සංචාරකයන් ලක්ෂයක පිරිසක් පැමිණ ඇත්තේ.

එලෙස ලක්ෂය වැනි සංචාරකයා රැගත් රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ SU – 288 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට අද උදෑසන 10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානයෙන් රුසියානු සංචාරකයන් 292ක් සහ කාර්යය මණ්ඩලය 12 දෙනෙකු පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස දෙවනදා රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවය සහ එම වසරේ නොවැම්බර් මාසයේ අසූර් එයාර් (Azur Air) ගුවන් සමාගම කටුනායක ගුවන් තොටුපොළ සමග ගුවන් ගමන් සබඳතා ආරම්භ කළා.

එමෙන්ම 2022 දෙසැම්බර් මාසයේ රෙඩ් වින්ග්ස් (Red Wings) ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළ සමග ගුවන් ගමන් ආරම්භ කර තිබුණා.

මෙම රුසියානු ගුවන් සේවාවල යානා 314ක් මගිනුයි මෙලෙස ශ්‍රී ලංකාවට පසුගිය කාල වකවානුව තුළ රුසියානු සංචාරකයන් ලක්ෂයක ප්‍රමාණය රැගෙන විත් ඇත්තේ.

අද මෙලෙස රුසියාවේ මොස්කව් නුවර සිට ඒරොෆ්ලොට් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි රුසියානු සංචාරකයන් පිරිස පිළිගැනීම ගැනීම සදහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය, ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ (මහජන සබඳතා) මධුභානී පෙරේරා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53