මෙරට රැකියා නැති අයට සෞදියේ අත හිත

සෞදි අරාබි රාජ්‍යයේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව සෞදි අරාබියානු රජයේ අනුග්‍රහය ඇතිව අරඹා තිබේ. තෝරාගත් වෘත්තීන් 23 කට අදාළව සෞදි අරාබියේ රැකියාව දීමේ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගිවිසුමක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපතිවරයා අතර පසුගියදා අත්සන් කෙරිණ. මෙම ගිවිසුම පසුගිය 11 වැනිදා සිට බලාත්මක බව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ ඒ ලලිතධීර පැවසීය.

මොරටුව ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ඔරුගොඩවත්ත කොරියන් ලංකා ජාතික වෘත්තිය පුහුණු ආයතනය සහ මොරටුව කර්මාන්ත ඉන්ජිනේරු පුහුණු ආයතනය යන ආයතනවලදී මේ පිළිබඳ නිපුණතා තහවුරු කිරීමේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති බව පවසන එම කොමිෂන් සභාව පරීක්ෂණවලින් සමත්වන වෘත්තිකයන්ගේ සියලු තොරතුරු සවුදි අරාබියානු රාජ්‍ය තොරතුරු පද්ධතියට ඇතුළත් කෙරෙන බවද සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාර්මාන්ත සබඳතා මංජුල විදානපතිරණ මහතාගේ 0714817629 දුරකථන අංකයෙන් හෝ [email protected] යන ඊමේල් ලිපිනයෙන් විමසිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20