පොලිස් වෙසින් පැමිණි 7ක් ව්‍යාපාරික නිවසක් කොල්ල කයි

පොලිස් නිලධාරීන් බව පවසමින් සන්නද්ධව අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසකට ඊයේ (15) රාත්‍රී පැමිණි මැර පිරිසක් නිවසේ සිටි ළමුන් ඇතුළු පස්දෙනෙකුට පහරදී රුපියල් ලක්ෂ 45 කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පළා ගොස් තිබෙනවා.

පෙතිගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කළ පැමිණිල්ලක් අනුවයි අඟුරුවාතොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

පොලිස් ඇදුම්වලට සමාන ටී ෂර්ටි හැඳ කඩු පොලු රැගෙන යතුරුපැදිවලින් පැමිණි සැකකරුවන් නිවැසියන්ට පහරදී, නිදන කාමරයේ ඇදටම සවිකර තිබූ සේප්පුවක සහ තැන සඟවා තිබූ රුපියල් 550000ක මුදල්, පවුම් 13ක් පමණ බරැති රන්මාලයක් ඇතුළු රන් භාණ්ඩ කොල්ලකා ඇති බව සඳහන්.

මෙම කොල්ලය සඳහා සැකකරුවන් 7 දෙනෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ අදාළ නිවසේ ව්‍යාපාරික යුවළ සහ ගැහැණු දරුවෙකු මෙන්ම පිරිමි ළමුන් දෙදෙනෙකු සිට තිබෙනවා.

පෙරේදා රාත්‍රී 10ට පමණ  ව්‍යාපාරික නිවසේ ඉදිරිපස දොර අසලට පැමිණ අපි පොලිසියෙන් යැයි පවසමින් ව්‍යාපාරිකයාගේ නම පවසා දොර අරින නිසා ලෙස පවසා ඇති අතර ව්‍යාපාරික යුවළ නිවසේ විදුලි පහන් නිවීමේ දී නිවසේ පිටුපස දොර කඩාගෙන ඇතුළු වු කොල්ල කණ්ඩායම ව්‍යාපාරික යුවළ සහ දරු තිදෙනා නිවසේ සාලයේ පුටුවල හිදුවා “උඹලා හොරු බඩු ගන්නවා නේද අපි පොලිසියෙන්, ගේ සර්ච් කරන්න අපිට ඕනේ” යැයි පවසා ඇති බව සඳහන්.

අනතුරුව ව්‍යාපාරික බිරිඳ සැකකරුවන්ගෙන් පොලිස් හැඳුනුම්පත ඉල්ලා සිටීමේදී ඇයට සහ ව්‍යාපාරිකයාට පහරදී අනතුරුව පුත්‍රයාට ද පහර දී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පැමිණි පුද්ගලයන් පොලිසියෙන් නොව කොල්ලකරුවන් බව වටහා ගත් ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුතු කොල්ලකරුවන් දෙදෙනකුට පහර දී ඇති අතර එක් සැකකරුවෙකු නිවස ඉදිරිපිට මල් පෝච්චි අතරට වැටී තිබෙනවා.

පසුගිය ජූනි මස 29 වනදා මිල්ලනිය ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකටත්, ජුලි පළමු වනදා කහතුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවෙසකටත් මේ ආකාරයෙන් පොලිස් වෙසින් පැමිණ රුපියල් ලක්ෂ 45ක රන් ආභරණ සහ මුදල් කොල්ලකා පළා ගොස් තිබුණා. එම සැකකරුවන් ද මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගෙන නැහැ.

ඊයේ පැමිණි කොල්ලකරුවන් අතරින් කිහිප දෙනකු පොලිස් ක්‍රීඩා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සුදු පාට ආරක්ෂක හිස් වැසුම් සහ කළු පාටට හුරු ජැකට් මෙන්ම මුව ආවරණ ද පැලඳ යතුරු පැදි තුනකින් පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම කොල්ලකරුවන්ට අත් අඩංගුවට ගැනීම සඳහා අඟුරුවාතොට පොලිසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද පත්කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32