චීන කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභා දේශපාලන අංශයේ සාමාජික යුවාන් ජියජුන් නිල සංචාරයක් සඳහා එළඹෙන 19 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු ලබන 19 වනදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.
මෙම නිල සංචාරය තුළ දී ඔහු මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද නියමිතයි.
යුවාන් ජියජුන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1