බස් නැවතුම්පොළක නාඳුනන පිරිමි මළ සිරුරක්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොලක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් (16) සොයාගෙන තිබෙනවා.

තුවාල සහිතව පුද්ගලයෙකු බිම වැතිරී සිටින බවට එම බස් නැවතුම්පොල වෙත පැමිණි මගියෙකු විසින් පොලිසියට කළ දැනුම් දිමක් මතයි සිරුර සොයාගෙන ඇත්තේ.

ඊයේ (15) පස්වරුවේ සිටම මියගොස් සිටින මෙම පුද්ගලයා ඒ අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටි බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතක් අනාවරණ වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?