සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි – ජනපතිගෙන් උපදෙස්

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මගින් දිනපතා සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බව පැවසු ජනාධිපතිවරයා මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදාවන බවයි පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යි.

මෙරට මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පවතින ක්‍රියා පටිපාටිය මත ඇතිව තිබෙන ඖෂධ හිඟය වළක්වා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති ඖෂධ සඳහා මෙරටදී යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසටයි සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) හා එක්සත් රාජධානිය (UK) අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාවලිය හරහා ඇණවුම් කිරීම වෙනුවට සෘජුවම ඇණවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

2024 වසර අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමටත්, විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රටට ආනයනය කරන ලද ඖෂධ, උපකරණ සහ එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු සහ සෞඛ්‍ය සේවා ආයතනවල කාර්ය මණ්ඩලවල නොසැලකිලිමත් බව නිසා සිදුවූ බව පැවසෙන මෑත කාලීන සිදුවීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

නියමිත වේලාවට ගෙවීම් සහතික කිරීම, වෙනත් අරමුණු සඳහා අරමුදල් යෙදවීම වැළැක්වීම හා, වෛද්‍ය උපකරණ සඳහා හිඟ ගෙවීම් මෙන්ම සේවා ගිවිසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

මූල්‍ය විනිවිදභාවය පවත්වා ගැනීම වෙනුවෙන් ලියකියවිලි සඳහා අදාළ බලධාරීන් අත්සන් තැබීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ මෙතෙක් ලියාපදිංචි වී නොමැති වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි සති දෙකක් තුළ සංශෝධනය කිරීමටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00