කඩුගන්නාව, පොත්තපිටිය, අලගල්ල කන්ද නැඟීමට ගොස් විදෙස් තරුණියක් පසුගිය 10 වනදා සිට අතුරුදන්ව ඇති බවට තොරතුරක් වාර්තා වුණා.
දින කිහිපයකට සිට මෙලෙස අතුරුදන්ව සිටි තරුණයගේ සිරුර අලගල්ල ප්රදේශයේ දී සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස සොයා ගැනුණේ ඩෙන්මාර්ක් ජාතික කරේන් මන්ක් එම්බසන් නැමැති තරුණියගේ සිරුරයි.
මෙම තරුණිය පසුගිය ජුනි 24 වනදා ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණා.
එලෙස සංචාරයේ යෙදෙන අතර තුර ඇය ජුලි 10 වනදා පෙරවරුවේ කඩුගන්නාව, පොත්තපිටිය, අලගල්ල කන්ද තරණය කිරීමට යන බව හෝටලයේ හිමිකරුට දන්වා පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
මැය කඩුගන්නාවට පැමිණ කඩුගන්නාවේ සිට පොත්තපිටිය දක්වා ගත් ලංගම බස් රථයකින් පොත්තපිටියට ගොස් එතැන් සිට අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.
එලෙස ගමන් ගන්නා අතර තුර දමිළ ජාතිකයකු මුණගැසී ඔහු ගෙන් තොරතුරු විමසා ඇති බවට ද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
අලගල්ල කන්ද මුදුණ නැඟ ඇති මෙම තරුණිය ගල මුදුණේ සිට අනිත් පැත්තට මාරු වීමට ගත් උත්සාහයක දී ගලෙන් පහළට ඇද වැටී ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
එලෙස ඇද වැටුණු මෙම තරුණියගේ සිරුර මාවනැල්ල පොලිස් බල ප්රදේශයේ පිහිටි ඉඩමක තිබී මෙලෙස හමුව තිබෙනවා.

Boru danna apa, oya news ake hugak than waradie,hariyata hoyala balala danna, minissu mewa valana nisa