දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය 19 වැනිදා

ජූලි මස දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 7 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මේ අනුව පාර්ලිමේන්තුව ජූලි 18 සිට 21 දක්වා රැස්වීමට නියමිතව ඇති අතර එම සෑම දිනකම පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.

මේ අනුව 2023 ජූලි මස 18 වැනි අඟහරුවාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 10.30 සිට පස්වරු 1.30 දක්වා රේගු ආඥාපනත යටතේ අංක 2325/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනා සම්මතය (235 අධිකාරය) සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2335/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 1.30 සිට 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

2023 ජූලි මස 19 වැනි බදාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරිය සඳහන් කළා.

ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය ‍වෙන්කර තිබෙනවා.

2023 ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. ඉන්පසු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට ද ‍නියමිතව තිබෙනවා.

පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට විවාදයට ගැනීමටයි තීරණය වී ඇත්තේ.

2023 ජූලි මස 21 වැනි සිකුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?