බුදු හිමියන්ගේ සර්වඥ ධාතු රැගෙන තායිලන්ත දූත පිරිසක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා රැගත් 98 දෙනෙකුගෙන් සමන්විත තායිලන්ත රාජකීය බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අද උදෑසන ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ ඇත්තේ තායිලන්තයේ සංඝරාජ සොම්දත් යනසම්වරා (Somdet Yanasamvara – Supreme Patriarch of Thai Sanga) මාහිමිපාණන් වහන්සේගේ 96 වැනි උපන් දිනය ද සැමරීමට සමගාමීවයි.

තායිලන්තයේ බැංකොක් නුවර බෞද්ධ පිරිසකගේ දායකත්වයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති, බුරුමයේ “ස්වේදගොං” චෛත්‍යයේ අනුරූ චෛත්‍යය වන සියම් ශ්‍රී ලංකා වචිර සුවන්නපුම් (Siyam Sri Lanka Vachira Suwannaphum) චෛත්‍යය විවෘත කිරීමේ උත්සවය ලබන 15 වනදාට යෙදී ඇති අතර එම උත්සවයට සහභාගී වීමට මෙම බෞද්ධ දූත පිරිස පැමිණ ඇති බව සඳහන්.

ඊට අමතරව මෙම දූත පිරිස කූරගල රජ මහා විහාරස්ථානයේ තැන්පත් කිරීම සඳහා බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන විත් තිබෙනවා.

තායිලන්ත රාජකීය බෞද්ධ දූත අද උදෑසන 10.40ට බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ධාතූන් වහන්සේලා රැගත් රාජකීය බෞද්ධ දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමක් සිදු කළ අතර රැගෙන ආ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ කාර්යය මණ්ඩලයට ද විශේෂ අවස්ථාවක් ලබා දී තිබූ බව සඳහන්.

මෙම රාජකීය බෞද්ධ දූත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හම්පොල් (Poj Hampol),
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස පැමිණි රාජකීය බෞද්ධ දූත පිරිස මෙම උත්සවවලින් පසුව අනුරාධපුරය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව, කැළණිය රජ මහා විහාරස්ථානය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32