ඊයේ (12) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි සදහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිතයි.
ආනයනික කිරිපිටි කිලෝග්රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් මුදල් අමාත්යාංශය විසින් ඊයේ දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇති බව වාර්තා වෙයි.
නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්රියාත්මකයි.

APIWAMA KAPALLA. APE WAHAL MOLLU FULL HAPPY EKE INNE. MUN EKAKIN ADU KARALA THAWA EKAKIN DEKA THUNAK GANNAWA. DAN ARU EGGS 44 SAHA 4 KIYUWA. ADHA 70 WATH GANNA NAHE. PINGPONG BALL SIZE EGGS 60YI.