අන්සතු බෝර 12 ගිනි අවියක් සහ එයට යොදන රබර් උණ්ඩයක් ළග තබා ගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය පැවසීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ කරුවලගස්වැව මූලස්ථානයට අනියුක්තව සේවය කරන වයස අවුරුදු 39 හැවිරිදි අයෙකුවය.තබ්බෝව – තේවනූරුව පදිංචි සැකකරු අලි වැට ආරක්ෂා කිරීමේ රාජකාරිය සදහා යොදවා සිටි අයෙකි.
ඉකුත් 12 වෙනිදා පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු සතුව තිබූ ගිනි අවිය තබ්බෝව – නො:5 ප්රදේශයේ පදිංචිකරුවෙකුට නීත්යාණුකූලව නිකුත් කර තිබූ එකක් බවට වැඩිදුර විමර්ශණ වලදී අනාවරණය වී ඇත. අන්සතු ගිනි අවියක් සැකකරු ළග තබා ගෙන සිටියේ කුමන හේතුමක් සදහාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවපොලීසිය කියයි.
කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
