AFC Banner
Empty Ad
Empty Ad

සම්බාහනයට මුවා වී කතුන් විකිණූ කඩුවෙල ස්පා පොලිසිය වසා දමයි

කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන සියල්ල වසා දැමීමට පියවර ගත් බව කඩුවෙල පොලිසිය පවසනවා.

ඒ, අනුව හඳුනගත් එවැනි ස්ථාන 13ක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

කඩුවෙල පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන් එක්ව කඩුවෙල ප්‍රදේශයේ තැන තැන ආරම්භ කර තිබූ එවැනි මධ්‍යස්ථාන සියල්ලගේ නාම පුවරු සහ ඊට අදාළ සියලුම ප්‍රදර්ශන ඡායාරූප ඉවත් කිරීමට පියවර ගැනුණා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත, අනෙකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවූ බවයි කඩුවෙල පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
59
+1
25
+1
220
+1
11
+1
26
+1
21
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?