මෙම ලාංඡන සොයාගන්න සහාය වෙන්න – ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉල්ලා සිටිනවා.

2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන එහි රැඳී සිටි කාල සීමාව තුළදී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වනවා.

නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දෙනවා.

මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112 354354 දරණ දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

නිල ලාංඡන ආකෘති පහතින්..

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32