නායක හිමිගේ මෝටර් රථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ රියදුරා අත්අඩංගුවට

මතුගම හොරවල ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේගේ මෝටර් රථයෙන් හෙරොයින් සහ ගංජා ජාවාරම සිදුකළ රියදුරු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුවයි ඊයේ (08) සවස මීගහතැන්න මොරගල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත්තේ.

එහිදී හොරවල ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේට අයත් මෝටර් රථයෙන් හෙරොයින් සහ ගංජා ජාවාරම සිදුකළ රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් නිලධාරීන් මෙම මෝටර් රථය ගැවසෙන ස්ථාන සොයා විශේෂ මාර්ග බාධකය යොදා මෝටර් රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුනේ යට සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 15ක් සහ ගංජා ග්‍රෑම් 100ක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරු ස්වාමීන් වහන්සේට අයත් මෝටර් රථය යොදාගෙන ප්‍රදේශ රැසකම හෙරොයින් සහ ගංජා ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවටයි පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද මතුගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57