හඬ පටයක් ඉවත් කරන්න රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පොලිසියේ සහාය ඉල්ලයි

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ දුරකථනයෙන් පුද්ගලයකුට තර්ජනය කරන ආකාරය දැක්වෙන හඬ පටය සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් රාජ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා පොලිසියෙන් ඉල්ලා ඇත්තේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන වීඩියෝ පටය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු කටයුතු පැවති එදින ඉතා කාර්ය බහුල අවස්ථාවක අදාළ පුද්ගලයා නැවත නැවතත් දුරකතන ඇමතුම් ලබා ගනිමින් ඉතා අශෝභන ලෙස කෙටි පණිවුඩ එවමින් හැසිරී ඇති බවයි අදාළ ලිපියේ දැක්වේනනේ.

ඔහුගේ එම ක්‍රියාව කිසියම් සැලසුම් සහගත න්‍යාය පත්‍රයකට අනුව සිදු කළ බව තහවුරු වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා පොලිසියට යොමු කළ ලිපියේ සඳහන්.

දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබා ගැනීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරියගේ ආරක්ෂක නිලධාරියෙකු ශාන් ගනේගොඩ නමින් හැඳින්වෙන පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුට ද මෙම පුද්ගලයා බැන තර්ජනය කරමින් ඇමතිවරියට ද දැඩි දෝෂාරෝපණයක් කර ඇතැයි සඳහන්.

මෙම සංවාදය අතරතුර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කෝපයෙන් එම පුද්ගලයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව පැවසෙනවා.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන අදාළ හඬ පටය රාජ්‍ය අමාත්‍යවරියට අපකීර්තියක් ගෙන දෙන බැවින් එය සංසරණය වීමෙන් වැලැක්වීම සඳහා ඉවත් කිරීමට වහා පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබෙනවා.

Diana Gamage Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
12
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26