අක්ෂි රෝහලේ මතබේධාත්මක නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

කොළඹ ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු මියගිය කාන්තාවට සැත්කම වෙනුවෙන් ලබාදුන් නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධ සියල්ල පරීක්ෂා කිරීම වෙනුවෙන් ජාතික තත්ත්ව රසායනාගාර වෙත යොමු කර ඇති බවයි.

අදාළ කාන්තාව මරණයට පත්වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බවට ද මෙහිදී අනාවරණ වුණා.

පසුගිය 4 වනදා ජාතික අක්ෂි රෝහලේදී සිදු කළ සැත්කමකින් පසු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වු අතර ඇයගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

මෙම කාන්තාවගේ මරණයත් සමග නිර්වින්දන ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා එක්ව මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ මියගිය කාන්තාවගේ හෘදය සියයට 80ක් පමණ අවහිර වී තිබී ඇති අතර නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු ඇයගේ හෘදය අකර්මන්‍ය වීමෙන් මරණය සිදුවී ඇති බවයි.

එබැවින් එම මරණයට නිශ්චිත හේතුව අදාළ නිර්වින්දන ඖෂධය ලබාදීම ද යන්න පිළිබඳ නිගමනයකට එළඹීමට නොහැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් අදාළ ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40