නීති විරෝධී මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති

ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ක්‍රියාවට නංවා තිබෙන බවත්, ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වළක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන එන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා:

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ලංකාව ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව ඉතා වගකීමෙන් යුතුව පුළුල් කාර්යභාරයක් ඉටු කරනවා.

රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබා ගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ.

ඒ වගේම රටක නීතියේ ආධිපත්‍ය, එරට ආර්ථික ස්ථාවරය පවත්වා ගැනීමට ප්‍රධාන සාධකයක් වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු නොවු කිසිදු රටක දියුණුවක් අපේක්ෂා කළ නොහැකියි.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රමාණාත්මක වෙනස්කම් සිදු කෙරුණා. පසුගිය කාලයේ ආරක්ෂක අංශ සඳහා නව බඳවා ගැනීම් සිදු නොකළත් ඉදිරියේදී යම් සීමාවන් තුළ බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නවා. මෙම විධිමත් කිරීමේ ක්‍රියාවලියේ දි ආරක්ෂක අංශවල කිසිවකුත් ඉවත් කිරීමක් සිදු වන්නේ නැහැ. මේ වන විටත් හමුදාව හැරයන පිරිස් සහ ඉවත් වී යන පිරිස් සම්බන්ධයෙන් සංගණනයක් සිදුකර තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 594ක පුද්ගලයන් 2247ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ අංශ සමඟ එක්ව ඔවුන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදු කරනවා.

ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වලක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන සිදුකළ යුතු බව නිරීක්ෂණය වී තිබෙනවා. එබැවින් ඒවා කඩිනමින් සංශෝධනය කළ යුතුයි. 2016 සිට 2021 වසර දක්වා කාලය තුළ ආපදාවලින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමට රජය බිලියන 60ක් වැය කර තිබෙනවා.

ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විට සාමාජිකයන් 33,000කින් සමන්විතයි. ඔවුන්ගෙන් විශාල පිරිසක් රටේ විවිධ ප්‍රදේශවල ඉදිකර ඇති අලිවැට ආරක්ෂා කිරීමට යොදවා තිබෙනවා. දැනට මෙරට වන අලි ගහණය 6,000ක් පමණ සිටිනවා. එම වන අලින්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අලිවැට ඉදිකිරීම වෙනුවෙන් මේ වන විට රුපියල් බිලියන 10ක් පමණ වැය කර තිබෙනවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශ නියෝජනය වන පරිදි ජාතික ශිෂ්‍ය භට ව්‍යාපාරය සඳහා සාමාජිකයන් 20%ක් බඳවා ගැනීම රජය සැලසුම් කර තිබෙනවා. එම පිරිස් සමාජ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර, එමගින් ඒ ඒ ප්‍රදේශවල සමාජ බුද්ධි ඒකක ලෙස ඔවුන් යොදවා ගැනීම අපේක්ෂාවයි.

ආරක්ෂක අංශ සාමාජිකයන් විවිධ ආයතන සහ සේවාවල යොදවා ගැනීම මෙතෙක් සිදු වුණා. එම තත්ත්වය ඉදිරියේදී වෙනස්කර ආරක්ෂක අංශවල ගෞරවය ආරක්ෂා වන පරිදි ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.

අන්තවාදී දේශපාලන පක්ෂයක පිරිසක් උතුරේ පූජනීය ස්ථාන මූල් කර ගනිමින් නොවිය යුතු දේ සිදු කරමින් සිටිනවා. ඒවා රටක සිදු නොවිය යුතු දේවල්. උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. කවුරුන් හෝ සතුටු කිරීමේ අදහසින් ඒවා ලබාදීම සිදු නොවන අතර ඒවා සුදුසු හිමිකරුවන්ට ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට රජය කමිටුවක් ද පත් කර තිබෙනවා. මේ වන විටත් උතුරේ ඉඩම්වලින් 80%ක් යළි ජනතා අයිතියට පවරා දී අවසන්. ඒ වගේම කිසිවිටෙකත් කිසිවෙකු සතුටු කිරීම වෙනුවෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ. නමුත් නිසි විමර්ශනයකින් අනතුරුව අවසන් තීන්දු තීරණ ගැනීමට රජය කටයුතු කරනවා.

අද රටේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මතවාදීව වෙනස් වුවද මෙම අවස්ථාව සියලුදෙනා එකට එක්ව කටයුතු කළයුතු අවස්ථාවක් බව කිවයුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38