තද වැසිවල තරමක අඩුවීමක් හෙට සිට – අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණයක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට (06) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 45-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි.

මේ අතර මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය දිස්ත්‍රිකයේ නුවරඑළිය සහ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට සැළකිලිමත්ව පසුවන ලෙසට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවක් මියගොස් පවුල් 21ක් අවතැන්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පැවති අධික සුළං හේතුවෙන් පන්විල, නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවක් මතට ගසක් කඩා වැටීමෙන් ඊයේ (04) පස්වරුවේ ඇය මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

මේ අතර නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන වීදියේ පිහිටි විශාල ගස් හා විදුලි රැහැන් කඩාවැටීමෙන් ගමනාගමන කටයුතුවලට අද (05) පෙරවරුවේ බාධා එල්ල වී තිබුණා.

මෙහිදී ධාවනය වෙමින් තිබු රථ වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ගාල්ල ප්‍රදේශයට බලපෑ තද සුළං තත්ත්වයත් සමඟ ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට වෙළඳසැල් කිහිපයකට අලාභහානි සිදුව තිබෙනවා.

මේ අතර වැස්සත් සමඟ හමා ගිය තද සුළගින් ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ තුන් මහල් ගොඩනැගිල්ලකට සහ තනි මහල් ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බවට වාර්තා වුණා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම අද (05) උදෑසන වන විට පිටාර මට්ටමට අඩි 28ක් පහළින් ජලය පිරී පැවතියා.

එමෙන්ම විමලසුරේන්ද්‍ර ජලාශය තව දුරටත් පිටාර මට්ටමට පැමිණ ඇති අතර, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 06 බැඟින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38