මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට ජපානයේ සීමාවාසික පුහුණුව ලබාගැනීම ගැන සාකච්ඡාවක්

මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට ජපානයේ දී සීමාවාසික පුහුණුව ලබාගැනීමට ඇති හැකියාව සම්න්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය දා පැවැත් වුණා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දී පැවැත් වූ මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක සහ ජපානයේ සුගා මුගන් ආයතනයේ සභාපති ආචාර්ය නොරිකි සුගා එක්ව සිටියා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් මෙහිදී කරන ලද ඉල්ලීම්වලට ජපානයේ සුගා මුගන් ආයතනයේ නිලධාරීන්ගේ ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවයි වාර්තා වූණේ.

මෙරට තරුණ තරුණියන්ට ජපානයේදී සීමාවාසික තාක්ෂණික පුහුණුව ලබාගැනීම සදහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ සුගා මුගන් ආයතනය 2001 වසරේ දෙසැම්බර් මාසයේදී අත්සන් තබා තිබෙනවා.

එම ගිවිසුමට අනුව මෙරට තරුණ තරුණියන් 25 දෙනෙකු මේ වන විට ජපනයේ සුගා මුගන් ආයතනයේ පුහුණුව ලබමින් සිටිනවා.

සුගා මුගන් යනු සීමාවාසික තරුණ තරුණියන් බඳවාගෙන පුහුණුවීම් ලබාදෙන ජපානයේ පිහිටි ප්‍රකට ආයතනයක්.