පොලිස් නිලධාරීන් බව පවසා පුද්ගලයින් දෙදෙනෙක් දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ගොස් ඔහුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව දෙහිවල පොලිසිය පවසනවා.
අදාළ ව්‍යාපාරිකයා සම්භාහන මධ්‍යස්ථානයකට ගිය බවට ඔහුගේ පියාට සහ බිරිඳට පවසන බවට බියවද්දා මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පොලිස් නිලධාරීන් බව පවසමින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ව්‍යාපාරිකයා හමුවී ඔහු සම්බාහන මධ්‍යස්ථානයේ දී ඇසුරු කළ කාන්තාවට සමාජ රෝග ඇති බවට තහවුරු වී ඇති බව පවසා තිබෙනවා.
ඒ හේතුවෙන් ව්‍යාපාරිකයාගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකර එම වාර්තා පැමිණෙන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට සිදුවන බවටයි බියවද්දා ඇත්තේ.
එලෙස සිදුනොකිරීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙසට ඔවුන් ව්‍යාපාරිකයාට පවසා තිබෙනවා.
එහිදී ඔවුන් අදාළ මුදල් රැගෙන පලාගොස් ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් ඊයේ (03) පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.