සම්බාහනයට ගිය ව්‍යාපාරිකයා බියවද්දා ලක්ෂයක් රැගෙන පළා ගිහින්

පොලිස් නිලධාරීන් බව පවසා පුද්ගලයින් දෙදෙනෙක් දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ගොස් ඔහුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව දෙහිවල පොලිසිය පවසනවා.

අදාළ ව්‍යාපාරිකයා සම්භාහන මධ්‍යස්ථානයකට ගිය බවට ඔහුගේ පියාට සහ බිරිඳට පවසන බවට බියවද්දා මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පොලිස් නිලධාරීන් බව පවසමින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ව්‍යාපාරිකයා හමුවී ඔහු සම්බාහන මධ්‍යස්ථානයේ දී ඇසුරු කළ කාන්තාවට සමාජ රෝග ඇති බවට තහවුරු වී ඇති බව පවසා තිබෙනවා.

ඒ හේතුවෙන් ව්‍යාපාරිකයාගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකර එම වාර්තා පැමිණෙන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට සිදුවන බවටයි බියවද්දා ඇත්තේ.

එලෙස සිදුනොකිරීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙසට ඔවුන් ව්‍යාපාරිකයාට පවසා තිබෙනවා.

එහිදී ඔවුන් අදාළ මුදල් රැගෙන පලාගොස් ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් ඊයේ (03) පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08