‘මුතු රාජා’ රැගත් ගුවන් යානය තායිලන්තයට

කටුනායකින් ගමන් ඇරඹු ‘මුතු රාජා’ හස්තියා රැගත් ගුවන් යානය තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත මේ වනවිට ළඟා වී තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (02) දහවල් 12.33ට පමණ එම ගුවන් යානය තායිලන්තයට ළඟා වූ බවයි වාර්තා වන්නේ.

ඒ, පැය පහක පමණ ගුවන් ගමනකින් පසුවයි.

මෙම හස්තියා තායිලන්තය ලබා රැගෙන යාම සඳහා රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරණ විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම යානය හස්තියා ද රැගෙන අද (02) උදෑසන 07.30 පමණ මෙරටින් පිටත්ව ගියා.

  1. I saw the elephant at the zoo. He was prepared to send to THAILAND & the container was also built in the Dehiwala zoo. A Thai person was involved in feeding SUGAR CANE to the tusker at the zoo. RUSSIAN Airplane has safety carried the elephant to his motherland.🐘