60ට වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නත්කරණය අද සිට

ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.

එහි ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත ෆයිසර් හෝ මොඩර්නා වැනි අනෙක් කොරෝනා එන්නත් මෙන් විශිෂ්ඨ එන්නතක් බවයි.

ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ලේ කැටි ඇතිවන බවට වාර්තා පළවීමත් සමඟ ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුලු යුරෝපා රටවල් කිහිපයක් එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශක කමිටුව සිදුකළ දත්ත විශ්ලේෂණයේදී අනාවරණ වී ඇත්තේ එම ලේ කැටි ගැසීමේ සිද්ධීන් සහ එන්නත් කිරීම අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

එමෙන්ම ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී මෙතෙක් කිසිවෙකු මියගොස් නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව අවධාරණය කළා.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අඛණ්ඩව සිදුකරන බවයි.

මෙරටට එම එන්නත ලැබෙන්නේ ඉන්දියාවේ පූනේ හි සීරම් එන්නත් ආයතනයෙන්.

එමෙන්ම අද සිට බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා එන්නත්කරණය අද සිට ආරම්භ වනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ලැබීමත් සමඟයි.

එහිදී කොළඹ නගර සභා සීමාවේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය ආරම්භ වනු ඇති.

සීරම් ආයතනයෙන් ඇණවුම් කළ එන්නත් මිලියනයක් මෙතෙක් පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් සඳහා වෙන් කිරීමට සිදුවීම නිසා වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව නතර වනු ඇති.

දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 10 වනදා සිට ආරම්භවීමට නියමිතයි.

මේ වනවිට පුද්ගලයන් හත්ලක්ෂ 60,000 කට ආසන්න පිරිසකට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

එමෙන්ම මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 87,286 ක් ලෙස සටහන් වුණා. ඊයේ දිනයේ කොරෝනා මරණ පහක් වාර්තාවීමත් සමඟ මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 525 දක්වා ඉහළ ගියා.

මේ අතර, කටුනායක නිදහස් වෙළද කලාපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී කටුනායක නිදහස් වෙළදකලාපයේ 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගැනීමත් සමගයි.

මේ වන විටත් කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 50 කින් පමණ සේවකයින් 1,080 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා ගෙන තිබුණා

මේ අතර සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන බී වන් 351  කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබුනා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටි ආසාදිතයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19