කාන්තාවක් නිරෝධායන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට

තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය තිරණය කර තිබෙනවා.

විදේශසේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර කාන්තාව ඕමානයේ සිට පැමිණ වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටියදී පූවරසන්කුලම පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මෙම කාන්තාව මහියංගනය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් තරුණියන් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඕමාන් සුල්තාන්වරුන් වෙත ලිංගික ශ්‍රමිකයින් ලෙස යොමුකොට ඇති බවටයි විදේශසේවා නියුක්ති කාර්යාල විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වි ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?