ජපානය බලා ගිය ශ්‍රී ලංකන් යානය පැය 2කට පසු යළිත් කටුනායකට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ජපානයේ නරීටා බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය 2යි විනාඩි 25කට පසු යළිත් කටුනායකට පැමිණ තිබෙනවා.

ඒ අදාළ කාලය කටුනායක ගුවන්තොටුපල අවට අහසේ ගමන් කිරීමෙන් අනතුරුවයි.

මෙම ගොඩබැස්වීමට හේතුවී ඇත්තේ ගුවන් යානයේ ඉදිරිපස රෝද (landing gears) නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බවටයි අනාවරණ වි ඇත්තේ.

ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලන්කන් යානය කාර්මික දෝශය හේතුවෙන් පැය 02යි විනාඩි 25ක කාලයක් කටුනායකට ඉහළ අහසේ සැරිසැරීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වී තිබුණා.

මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු A330 – 300 එයා බස් වර්ගයේ විශාලතම ගුවන් යානයක්.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 455 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 08.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත්ව යාමට ගුවන් ගත වී තිබුණා.

එහෙත් මෙම ගුවන් යානයේ ඉදිරි රෝද නියමිත පරිදි හැකිලීම සිදු වන බව යානයේ පරිගණක පද්ධතියේ නොපෙන්වීම
නිසා ගුවන් නියමුවා විසින් යානය පැය 02යි විනාඩි 25ක සරිසරිමකින් පසු රාත්‍රී 10.45ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් බැස්සවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වන විට මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙකු ගමන් කරමින් සිට තිබුණා.

එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමටයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
5
+1
3
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46