පැමිණි බස් රථයටම යට වී තරුණියක් අවසන් ගමන් යයි

අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදු වූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ තරුණිය තමන් පැමිණි බස් රථයට යටවීමෙන් මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති තරැණියක්.

මෙම තරුණිය බස් රථයෙන් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි බස් රථය ඇයගේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී මාර්ගයේ ඇඳ වැටුණු තරුණියගේ ශරීරය මතින් බස් රථය ධාවනය වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

තරුණිගේ මෘත ශරීරය අවිස්සාවේල්ල මූලික රෝහලට යොමුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය අද (26) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
14
+1
1
+1
0
+1
112
+1
16
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?