නිර්වින්දන එන්නත නිසා මරණ සිදුවූ බවට වන ප්‍රකාශ ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරු (වීඩියෝ)

භාවිතයෙන් ඉවත් කළ නිර්වින්දන එන්නත් කිසිදු අවස්ථාවක ළමයින්ට ලබා නොදෙන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

වයස අවුරුදු දෙකක දරුවෙකුට එන්නත ලබා දුන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් හේතුවෙන් මරණයට පත්වූ බවට කරන චෝදනා අසත්‍ය බවට මෙමගින් තහවුරු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම දරුවා ගේ මරණයට වෙනත් හේතුවක් තිබිය හැකි නමුත් එය නිර්වින්දන එන්නතේ බලපෑමක් නිසා ඇති වූ බවට කරන චෝදනා පදනම් විරහිත බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වුවද නිර්වින්දන එන්නත හේතුවෙන් මරණ සිදුව ඇති බවට කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

බහුකාර්ය සංවර්ධන සහායක සේවයේ නියුතු 253 දෙනෙකු මධ්‍යම, සබරගමු සහ වයඹ පළාත් රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙස යොමුකර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළා.

අදාළ නිර්වින්දන ඖෂධය ලබා දීමේ දී තරමක් වේදනාකාරී තත්ත්වයක් ඇතිවන බැවින් එය ළමුන්ට ලබා නොදෙන බව අදාළ රෝහල් බලධාරීන් තමාට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධව අදාළ රෝහල්වල වෛද්‍යවරුන් හෙට (22) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඇතැම් කරුණුවලදී ඇතැම් මාධ්‍ය අසත්‍ය රජකරවන බවයි. මාධ්‍ය මගින් මේ ආකාරයෙන් මුදා හරිනු ලබන වල් බූරු නිදහස සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බවයි ඔහු කියාසිටියේ.

https://www.youtube.com/watch?v=qLFbUMlTtYI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?