නිර්වින්දන එන්නත නිසා මරණ සිදුවූ බවට වන ප්‍රකාශ ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරු (වීඩියෝ)

භාවිතයෙන් ඉවත් කළ නිර්වින්දන එන්නත් කිසිදු අවස්ථාවක ළමයින්ට ලබා නොදෙන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

වයස අවුරුදු දෙකක දරුවෙකුට එන්නත ලබා දුන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් හේතුවෙන් මරණයට පත්වූ බවට කරන චෝදනා අසත්‍ය බවට මෙමගින් තහවුරු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම දරුවා ගේ මරණයට වෙනත් හේතුවක් තිබිය හැකි නමුත් එය නිර්වින්දන එන්නතේ බලපෑමක් නිසා ඇති වූ බවට කරන චෝදනා පදනම් විරහිත බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වුවද නිර්වින්දන එන්නත හේතුවෙන් මරණ සිදුව ඇති බවට කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

බහුකාර්ය සංවර්ධන සහායක සේවයේ නියුතු 253 දෙනෙකු මධ්‍යම, සබරගමු සහ වයඹ පළාත් රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙස යොමුකර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළා.

අදාළ නිර්වින්දන ඖෂධය ලබා දීමේ දී තරමක් වේදනාකාරී තත්ත්වයක් ඇතිවන බැවින් එය ළමුන්ට ලබා නොදෙන බව අදාළ රෝහල් බලධාරීන් තමාට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධව අදාළ රෝහල්වල වෛද්‍යවරුන් හෙට (22) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඇතැම් කරුණුවලදී ඇතැම් මාධ්‍ය අසත්‍ය රජකරවන බවයි. මාධ්‍ය මගින් මේ ආකාරයෙන් මුදා හරිනු ලබන වල් බූරු නිදහස සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බවයි ඔහු කියාසිටියේ.

https://www.youtube.com/watch?v=qLFbUMlTtYI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින් - අපිට ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා
04:01
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මේවා කරන්න ද.. අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58