ලිංගික ශ්‍රමිකයන් රට යැවූ කත රිමාන්ඩ්

ලිංගික ශ්‍රමිකයන් ලෙස තරුණියන් ඕමානයට යැවූ’ මිනිස් ජාවාරම් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 26 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත්වරයා අද (12) නියෝග කර තිබේ.

ඕමානයේ සිට පැමිණි ඇය විදේශසේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දී අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකාරිය ‘ගිරිගොල්ල , ගිරාදුරුකෝට්ටේ පදිංචි ආර්.එම්.කුසුමාවතී නොහොත් සඳමාලි නැමති 33 හැවිරිදි කාන්තාවක් ය.

මහියංගනය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය සැකකාරිය තරුණියන්ට රැකියා ලබාදෙන බවට පවසා ඕමාන් සුල්තාන්වරුන් වෙත ලිංගික ශ්‍රමිකයින් ලෙස සුළුමුදලක් ලබාදී අලෙවිකර ඇති බව විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?